මිනුවන්ගොඩ කොවිඩ් පොකුර වැඩි වෙයි

ඊයේ (09) දිනයේ දී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 356 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14,285ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 10,807ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳෙපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,759 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

මේ අතර අද උදෑසන ඩුබායි සිට පුද්ගලයින් 16 දෙනෙක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 18 දෙනෙක් මෙරටට පැමිණියේය. ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. අද දිනය තුළ යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 38 දෙනෙක් නිවෙස් බලා පිටව යෑමට නියමිතය. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 27ක් තුළ පුද්ගලයින් 2‍,362ක් මේ වන විට නිරෝධායනය වෙමින් සිටීයි.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 7,986ක් සිදුකර ඇති අතර, මෙතෙක් සිදුකර ඇති සමස්ථ පරීක්ෂණ ප්‍රමාණය 610,836ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.