දිවයිනේ යම් ස්ථානයක අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සංචරණ සිමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩලය ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ගත යුතු බව දන්වා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොවිඩ් මර්දන කටයුතු පහසු කරවීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ ගණනාවක දැඩි සංචරණ සිමා පනවා ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශවලට හෝ එම ප්‍රදේශවලින් පිටතට මහජන සංචරණය දැඩිලෙස සීමා කර ඇත. මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ප්‍රදේශ හරහා ගමන් කිරීමට නිකුත් කර තිබු ඇඳිරිනීති බලපත් හුදකලා කර ඇති ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන බවය.
ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු බව එම නිවේදනයේ දැක්වේ. එමෙන්ම කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා කළ බව ඒ මහතා සඳහන් කළේය. ඊයේ (09) දින 36වන කොවිඩ් මරණය වාර්තා විය. එලෙස මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන ප්‍රදේශයේ කාන්තාවකි.
එම කාන්තාව පුද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී ඇය මියගොස් ඇත. දිර්ඝ කාලයක් රෝගාතුරුව සිට ඇති ඇය මිය යාමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිවුමෝනියා තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.