ඉන්දික ශ්‍රී අරවින්ද
කොරෝනා හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලා සිලෝන් තවුහීද් ජමාත් සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යොමු කර ඇත.
එම සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් මහතා ප්‍රකාශ කළේ මේ වනවිට කොරෝනා හේතුවෙන් මිය යන අයවලුන්ගේ දේහයන් ආදාහනය කිරීමට සහ භූමදානය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී ඇති පසුබිමක ශ්‍රී ලංකා රජය මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා නොදෙන බව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
මෙහිදී රජය විසින් ලබා දෙන ඕනෑම කොන්දේසියක් යටතේ මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ආගමනුකුලව භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිටත්,අග්‍රාමාත්‍යවරයාටත්,කොවිඩ් -19 වැළක්වීමේ කාර්ය සාධන බලකායටත්,අධිකරණ අමාත්‍යවරයාටත්,සෞඛ්‍ය අමාත්‍යංශයටත්,ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් ලිඛිතව ඉල්ලීම් කර ඇතත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව එහි මහ ලේකම් අබ්දුල් රාසික් මහතා පවසයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ඒ සඳහා අවශ්‍ය ශ්‍රම බලකාය නොමැති නම් තම සංවිධානය මගින් අවශ්‍ය ශ්‍රම බලකාය ලබා දීමට සුදානම් බව ඔහු පවසයි. මෙලෙස කොරෝනා හේතුවෙන් මිය යන අයගේ දේහයන් භූමදානය කිරීමෙන් භූගත ජල මුලාශ්රවලට කිසිම හානිය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී නොමැති බව අබ්දුල් රාසික් මහතා අවධාරණය කර සිටියි.
කොරෝනා වෛරසය අද හෝ හෙට අවසන් වේ නම් තාවකාලිකව හෝ මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ආදාහනය කිරීම ගැටළුවක් නොමැති අතර ඒත් වසර දෙකක් ගතවනතුරුත් මෙම වෛරසය තුරන් වේ යැයි විස්වාශ කල නොහැකිය.
මෙම කරුණු පිළිබඳව ඕනෑම රජයේ පාර්ශව කරුවෙකු සමග සාකච්ඡා කිරීමට සුදානම් බව සිලෝන් තවුහීද් ජමාත් සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් මහතා වැඩිදුරටත් පැවසිය. මේ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වෙයි.