ඉන්දික ශ්‍රී අරවින්ද
covid – 19 වෛරසය ව්‍යාප්තිය වැළක්වීමේ අරමුණින් රජය විසින් හදුන්වාදුන් කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගයට අමතරව තවත් විවිධ පාර්ශව විසින් පුද්ගලයන් සංචරණය කරනු ලබන ස්ථාන පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුම් භාවිතා කරමින් වලකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Stay Safe, Stay Win වැනි විවිධ නාමයන් භාවිතා කරමින් විවිධ වූ ජංගම දුරකථන යෙදවුම් හදුන්වා දීමට මේ වනවිට කටයුතු කර ඇති බව එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා ප්‍රකාශ කළේය. විවිධාකාර නාමයන්ගෙන් හදුන්වනු ලබන මෙම යෙදවුම් පිලිබදව සොයාබැලීමේදී බොහෝමයක් ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කල පිරිස් මගින් ජනතාවගෙන් ලබාගන්නා දත්ත මොනවාද, එම දත්ත ආරක්ෂා කිරීමට ලබාගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද, එම දත්ත විශ්ලේෂණයට අවසර ඇත්තේ කාහටද, එම දත්ත වෙනත් තෙවන පාර්ශවයකට හෝ වෙනත් පාර්ශවයක් වෙත ලබාදෙන්නේද යන්න සදහන් කිරීමට අපොහොසත් වී ඇති බවයි.
මෙම මෘදුකාංග වල පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවක් පවා නොමැති බවත් එම මෘදුකාංග නිර්මාණය කල පිරිස් සම්බන්ධ කරගැනීමට වෙබ් අඩව්වියක් හෝ වෙනත් මාර්ගයක් පවා නොමැති බවටත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත වාර්තා වී ඇත. කොවිඩ් තත්වය උපයෝගී කරගනිමින් පෞද්ගලික ලාභ ලබාගැනීම උදෙසා මහජනතාවගේ පෞද්ගලික දත්ත අනතුරේ හෙලමින් මෙලෙස සිදුකරන දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් එම සංගමය විරෝධය පල කර සිටියි.
මෙම පිරිස් ජනතාවගේ දත්ත පිලිබදව කිසිදු වගකීමකින් තොරව රජය විසින් හදුන්වා දී ඇති Stay Safe වැඩසටහනට මුවා වී තම යෙදවුම් ජනතාවගේ ජංගම දුරකථන වෙත ස්ථාපනය කිරීමට ගන්නා කූට උත්සහයන්ගෙන් ජනතාව ආරක්ෂා වී සිටිය යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා අවධාරණය කළේය