ඉන්දික ශ්‍රී අරවින්ද
රජයේ ආදායම් ඉලක්කය පහත වැටෙයි.
COVID-19 වෛරසය ව්‍යාප්තිය සහ සංශෝධිත බදු ඉලක්කය පවා සපුරා ගත නොහැකිව මහා පරිමාණ සමාගම් 600 ක අදායම පහත වැටීම නිසා මෙම වර්ෂය සඳහා අදායම් බදු මුදල් එකතු කිරීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිළධාරියෙකු පැවසීය.
සංශෝධිත බදු ඉලක්කය පවා සපුරා ගත නොහැකි බවට මහා පරිමාණ සමාගම් ඇඟවීම් කිරීම නිසා මෙම වර්ෂය සඳහා රජයේ ආදායම් ඉලක්ක තවදුරටත් පහත වැටී ඇත. වසර ආරම්භයේදී රුපියල් බිලියන 800 ක ආදායම් ඉලක්කයක් සමඟ ආරම්භ කළ රජය පසුව එය රුපියල් බිලියන 600 දක්වා පහත දැමූ අතර පසුව එය රුපියල් බිලියන 470 දක්වා අඩු කළේය.
කෙසේ වෙතත් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිළධාරියෙකු පැවසුවේ තවදුරටත් රුපියල් බිලියන 411 දක්වා අඩුකිරීමට උත්සාහ කර ඇති නමුත් එය ද වසර අවසාන වන විට ළඟා කර ගත නොහැකි වනු ඇති බවය. මෙම වසර මුල සිට බලාත්මක වූ බදු සංශෝධනයන්ට අමතරව, COVID-19 වෛරසය ව්‍යාප්තිය ද ආදායම් බදු එකතු කිරීමට දැඩි ලෙස බලපා ඇති බවත්, මේ වන විට එකතු කර ඇත්තේ රුපියල් බිලියන 362 ක් පමණක් බවත් ඔහු පැවසීය.
වසංගතය තත්වය හේතුවෙන් ආදායම් පහත වැටීමකට ලක්වූවන් අතර ප්‍රධාන සමාගම් ඇතුළු මහා පරිමාණ බදු ගෙවන්නන් 600 ක් පමණ සිටින බව ඔහු පැවසීය. මීට අමතරව හෝටල් සහ බැංකු අංශවලට ද මෙය දැඩි ලෙස බලපා ඇත. “සමාගම්වලට සිදුවී ඇති පාඩු හේතුවෙන්, ලබන වසරේදී පවා ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට නොහැකි වනු ඇත.
පසුගිය වසරේදී දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙහි ඉලක්කය රුපියල් බිලියන 800 ක් වූ අතර රුපියල් බිලියන 785 ක ඉලක්කයක් සපුරා ගන්නා ලදී.