SJB මන්ත්‍රීවරු 5ක් දේශපාලන පළිගැනීම් කොමිසමට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණ ඇත. ඒ එම කොමිෂම විසින් සිදු කළ කැඳවීමක් අනුවය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව හමුවේ මෙම මන්ත්‍රීවරුන් සිදුකළ පැමිණිල්ලකින් පසු ඉන් පිටතදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදීමේ දී ජනපති කොමිසමට අපහාස වන ආකාරයෙන් අදාළ ප්‍රකාශය සිදුකළ බවට ලද තොරතුරු මත අදාළ කැඳවීම සිදුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, “අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් කොමිසම් සභාවට කැඳවලා තියෙනවා. ඒ මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් අල්ලස් හා දුෂණ කොමිසමට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව, ජනතාව වෙනුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළ මන්ත්‍රීවරු අද කොමිසම හමුවට කැඳවලා තියෙනවා. ඔවුන් ඇපීල් උසාවියට ඉදිරිපත් කරනවා කියලා කිව්වා. අපි අධිකරණයට ගරු කරනවා. හැබැයි අපි බොරු වැඩවලට ගරු කරන්නේ නෑ.“යනුවෙනි.

හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී.අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොමිසම ඊයේ (08) දිනයේ දී සිතාසි නිකුත් කර ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.