ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල වර්ග දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීමෙන් පසු මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදුන්නේ විනිවිදභාවයකින් යුතුව බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන ප්‍රථම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල තොගය මෙය වේ. මෙම ප්‍රතික්‍රියක කට්ටල වර්ග දෙකෙන් මිලියන 120ක තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මිලදී ගෙන ලෝකයේ රටවල් රැසකට බෙදාදීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකාවටද ලක්ෂ ගණනක තොගයක් ලැබෙන අතර එහි පළමු තොගය ලෙස ප්‍රතික්‍රියක කට්ටල ලක්ෂයක් අද (9 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයට පිරිනැමීමට නියමිතය.