වෛරසය බෝ කරන්නන් පිළිබඳ බුද්ධි අංශ සෝදිසියෙන්

නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී කොවිඩ්19 වෛරසය බෝකරන පුද්ගලයන් සිටිය හැකි බව ද ඒ අනුව එවැනි පිරිස් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බව පැවසූ යුද හමුදාපතිවරයා බුද්ධි අංශ කණ්ඩායම් පහක් පමණ මේ වන විට ඒ සඳහා යොදවා ඇතැයි ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දෙවැනි වරට ඇතිවූ කොවිඩ්19 වෛරස් ආසාදන රැල්ල අතිකිරීමට දායක වූ පිරිස් අතර මුහුදු මාර්ගයෙන් පැමිණි අය ද වෙනත් නීති විරෝධී මාර්ග වලින් මෙරටට ඇතුළු වූ පිරිස්ද සිටිය හැකි බව ද ඒ අනුව මෙවැනි පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩි අවධානයක් යොමු කළ යුතු බව කියා සිටි යුද හමුදාපතිවරයා,පසුගිය කාලයේ මෙරටට පැමිණ ඇති ගුවන් යානා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලිය යුතුව ඇති බව ද අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.