ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක් තවදුරටත් හුදකලා කර ඇත. ඒ අනුව එම ප්‍රදේශවලින් කිසිවෙකුටත් පිටවීමට හෝ ඇතුළුවීමට නොහැක. දිවයින පුරා පොලිස් වසම් 25ක් මෙලෙස හුදකලා ඇත.
මෙම ප්‍රදේශවලින් ආසාදිතයින් බිහිවී තිබෙන බවත් තවත් බිහිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බැවින් ද ඒ ආසාදිතයින්ගෙන් තවත් ප්‍රදේශවලට මෙය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් තිබෙන නිසා මෙලෙස සමහර බල ප්‍රදේශ හුදකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව අදාළ ප්‍රදේශ වලට මාර්ග බාධක යොදා ඇති අතර ඒ මාර්ග බාධක හරහා නවත්වන්නේ නැතුව වාහනවලට ගමන්ඒ කල හැකි බවද දුම්රිය හා පොදු ප්‍රවාහන සේවාවලට එම ප්‍රදේශවල නතර නොකර ගමන් කල හැකි බවද ඔහු පැවසීය.
එම ප්‍රදේශවලට කිසියම් කෙනෙක් යනවා නම් ඒ අය පිළිබඳ ලේඛනයක් අනිවාර්යයෙන්ම දත්ත අවශ්‍ය වන බවද එම ප්‍රදේශවලින් කිසියම් කෙනෙක් පිටවෙනවා නම් ඔවුන්ගේ දත්ත පොලීසිය හෝ සෞඛ්‍ය අංශ සතුවිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධාරණය කළේය.
ඒ අනුව බස්නාහිර පළාත හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය අද අලුයම 5ට ඉවත් කෙරුණි.කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාළිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල හා කෙසෙල්වත්ත යන පොලිස් බලප්‍රදේශ ද ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රෙද්ශ වන වත්තල, පෑලියගොඩ, කඩවත, රාගමෙ, මීගමුව, පමුණුව, ජාඇල හා සපුගස්කන්ද ද , කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, වෑකඩ බටහිර යන වසම් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සීමාව හා කුලියාපිටිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල හා රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ මෙලෙස හුදකලා කර ඇත.