අද (09) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වු කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් ගණන 10,451ක් දක්වා ඉහළ ගොස් තිබේ. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,403 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 412ක් හා එම කම්හලේ සේවකයින්ගේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 4,449 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයෙක් මෙරටට පැමිණ ඇති අතර ඔහු නිරෝධායනය සඳහා යොමුකර ඇත.
අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 63,921ක් නිවෙස් බලා පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 2,409 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 27ක නිරෝධායනය වෙමින් සිටිති. ඊයේ (08) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 410,632ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 602,850කි. ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 510ක් හඳුනාගත් අතර, මෙරට සිදුවු 35 වන කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණය ද ඊයේ වාර්තා විය.
ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 13,929ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව ද 8,285ක් දක්වා වැඩි වී තිබේ. කොවිඩ් ආසාදිත පුද්ගලයින් 5,609 දෙනෙක් මේ වන විට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.
එමෙන්ම ඊයේ (08) දින 35වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. මියගොස් ඇති පුද්ගලයා 78 හැවිරිදි බවත් රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. පස්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු වී තිබේ.