ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් ජෝ බයිඞ්න් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වේ. අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවය.
මහින්ද රාජපක්ෂ මහතාගේ සටහන,
“Congratulations to President elect @JoeBiden and VP elect @KamalaHarris on your victory. As we mark #72 years of diplomatic relations between our two countries, I look forward to working with both of you to further enhance #SriLanka –#USA relations to benefit both our peoples”.
එමෙන්ම ජයග්රහණයෙන් පසු ජාතිය අමතමින් පාට සහ පක්ෂ භේදයකින් තොරව සියලූ අමෙරිකානුවන් එක ලෙස දකින බවත් බෙදීමට නොව එක්සත් වීමට උත්සහ කරන ජනාධිපතිවරයෙකු වීම සිය අභිලාෂය බවත් ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් පැවසීය.
අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොතිබුණත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ආසන ප්‍රමාණය ජෝ බයිඞ්න් විසින් මේවනවිටත් හිමිකර ගෙන තිබේ. මැතිවරණ ආසන 214 ක බලය තහවුරු කරගෙන සිටින ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව මැතිවරණ ආසන 290 ක බලය තහවුරු කර ගත අතර ඒ අනුව එළඹෙන ජනවාරි 20 වනදා අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝසප් රොබිනේට් බයිඞ්න් දිවුරුම් දීමට නියමිතය.