පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 188 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 445කි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මිනුවන්ගොඩ-පෑළියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 9937ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 13,415කි