බස්නාහිර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය සිමා කෙරේ

මේ වනවිට බස්නාහිරට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට (09)දිනය අළුයම 5.00ට ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවත් ඇතැම් දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන බව කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ තවදුරටත් නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යයි.

කොළඹ දිස්ත්‍රික්කය

1.මට්ටක්කුලිය පොලිස් වසම
2.මෝදර පොලිස් වසම
3.බ්ලුමැන්ඩල් පොලිස් වසම
4.කොටහේන පොලිස් වසම
5.ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
6.වෙරළබඩ පොලිස් වසම
7.ආදුරුප්පුවිදියපොලිස් වසම
8.මාලිගාවත්ත පොලිස් වසම
9.දෙමටගොඩ පොලිස් වසම
10.වැල්ලම්පිටිය පොලිස් වසම
11.බොරැල්ල පොලිස් වසම
12.කෙසෙල්වත්ත පොලිස් වසම

ගම්පහ දිස්ත්‍රික්කය

1.වත්තල පොලිස් වසම
2.පැලියගොඩ පොලිස් වසම
3.කඩවත පොලිස් වසම
4.රාගම පොලිස් වසම
5.මිගමුව පොලිස් වසම
6.පමුණුව පොලිස් වසම
7.ජා ඇල පොලිස් වසම
8.සපුගස්කන්ද පොලිස් වසම

කළුතර දිස්ත්‍රික්කය

1.හොරණ පොලිස් වසම
2.ඉංගිරිය පොලිස් වසම
3.වෑකඩ බටහිර ග්‍රාම නිළධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය

1.කුරුණෑගල නගර සිමාව
2.කුලියාපිටිය පොලිස් වසම

කෑගල්ල දිස්ත්‍රික්කය

1.මාවනැල්ල පොලිස් වසම
2.රුවන්වැල්ල පොලිස් වසම

එසේම පහත දැක්වෙන නිවාස යෝජනා ක්‍රම covid -19 පැතිරීම සම්බන්ධයෙන් දැඩි අවධානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර මෙම නිවාස යෝජනා ක්‍රමයන්හි ජිවත්වන ජනතාව නිවාස ඒකකය අතර හෝ ගමන් කිරීමෙන් වළකාලමින් සංචරණය අවම කරමින් සිය නිවෙස් තුළම රැඳී සිටින ලෙස ඉල්ලා සිටින ලෙස දැනුම් දෙයි.

මෙත්සඳ සෙවණ
මිහිජය සෙවණ
මෝදර රන්මිණ සෙවණ
සිරිසඳ උයන දෙමටගොඩ
මාලිගාවත්ත NHS නිවාස

(Colombo Gazette)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.