අද කොවිඩ් මරණ 04ක්. දින 07ක් තුල මරණ 13ක්

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් සිදු විය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇත.  එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 449 දෙනෙකු අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 445 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් සිව්දෙනා විදේශ රටවලින් පැමිණ නිරෝධායනය වෙමින් සිටිය අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,419ක් වන අතර ඉන් 5662 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 7723කි. ගතවූ දින 07ක කාලය තුලදී මෙරටින් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2756ක් සහ මරණ 13ක් වාර්තා විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.