ජෝ බයිඩන් ජනාධිපතිධුරයට

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින් අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ජෝ බයිඩන් සමත් වීමත් සමග ඔහු ජන්ද මණ්ඩල 273ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද මණ්ඩල 213ක් පමණක් ජය ගැනීමට සමත් විය.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර ජෝ බයිඩන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කරනු ලැබූ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ජෝ බයිඩන් අද රාත්‍රියේදී ජාතිය ඇමතීමට නියමිත බවය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් අභිනවයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව ජනාධිපති ජෝ හට සිට ට්විටර් ගිණුම ඔස්සේ මෙසේ සුභ පැතුම් එක් කර තිබිණි. “My warmest congratulations to @JoeBiden on your historic victory on being elected #POTUS46 & my best wishes as you prepare to serve in the highest office. I wish you & Vice President-elect @KamalaHarris, the very best in your efforts to transform America”.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.