කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලයට අයත් කොළඹ 02 යුනියන් පෙදෙසේ පිහිටි ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ආසාදිත පුද්ගලයන් දෙන්නා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත. එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කර ඇත.
ඒ හේතුවෙන් එම ශාඛාව තාවකාලිකව වසා දමා ඇති බවත් විසබීජහරණය කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බව Keells කළමනාකාරිත්වය පවසයි