ඉන්දික ශ්‍රී අරවින්ද
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුටත් covid – 19 වෛරසය වැළඳී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතා Colombo Gazette වෙත පැවසිය.
මහිදී කඩු සටන් ක්‍රීඩකයෙකුට සහ පැසි පන්දු (basket ball) ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තොරතුරු ලැබී ඇත.
මෙම ක්‍රීඩකයින්ට covid – 19 වැළඳී ඇත්තේ රැකියා ස්ථානයෙන් බවට හඳුනාගෙන ඇතැයි වෛද්‍ය ඒකනායක මහතා පවසයි. එබැවින් ක්‍රීඩක ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය මෙන්ම පෝෂණය පවත්වාගෙන යාම සඳහා අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ online වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසර තුළදී පැවැත්වූ ජාත්‍යන්තර තරඟ කිහිපයකටම සහභාගී වීමට නොහැකි වූ අතර තවත් ජාත්‍යන්තර තරඟ කිහිපයක්ම අවලංගු කිරීමට සංවිධායක කමිටු පියවර ගනු ලැබීය.
එහෙත් ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ජාතික මට්ටමේ මළල ක්‍රීඩා තරඟයක් මේ වසර අවසානයේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසිය.
ඔලිම්පික් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහා විදේශීය පුහුණුකරුවන් යොදා ගැනීමට බලාපොරොත්තු වූ නමුත් covid වසංගත තත්වය හමුවේ එය දුෂ්කර කාර්යක් වී ඇති බවයි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය