ඉන්දික ශ්‍රී අරවින්ද
දිවයින පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ආයතන 55 කට පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුව නව නිර්ණායකන් අනිවාර්යෙන් පිළිපැදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම නිර්ණායකයන් අතර ආයතනයන් තුළට පිටස්තරින් පැමිණෙන පුද්ගලයින්ට දෑත් පිරිසිදු කරගැනීමේ යාන්ත්‍රණය මෙන්ම ශාරීරික උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ අනිවාර්ය කර ඇති අතර එය උල්ලංගණය කරන ආයතනවලට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.