මෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ .
අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 400 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙලෙස වාර්තා වන ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
අද වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9492ක් දක්වා ඉහළ ගොස් තිබේ
මේ වන විට රටේ වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,970ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 7186කි. මේ දක්වා රෝහල් ගතව සිටින පිරිස 5755ක් වේ .