ඉන්දික ශ්‍රී අරවින්ද
ලෝකයේ 3 වැනි කොරෝනා රැල්ල ලබන වසරේ මුල් කාර්තුවේදී දී ඇති විය හැකි බවට ඒ පිළිබඳඑ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
ඒ අනුව 3 වැනි කොරෝනා රැල්ලෙන් දැනට පවතින වෛරසය මීටත් වඩා භයානක විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා ඇතැයි ඔහු සඳහන් කළේ ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා,
“කොවිඩ් රෝගයත් සමග තව අවුරුදු 02කට වැඩිය අපිට මෙහෙම ගත කරන්න වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි 2 වැනි කොවිඩ් රැල්ලේදීවත් අපි බෙහෙතක් හොයා ගත්තෙ නැති වුණොත් 3 වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන් කියලා. එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. 2 වැනි කොවිඩ් රැල්ල බරපතළ ලෙස මිනිසුන්ට ආසාදනය වන්නේ වෛරසය සුළඟින් නොවේ.මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගාගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන්නම් ගේ ඇතුළට යන්න ඉස්සරවෙලා නාලා පිරිසිදුවෙලා යන්න”.