බස්නාහිරට පනවපු ඇඳිරි නීතිය නිසා ලේ බැංකුව අර්බුධයක්

ඉන්දික ශ්‍රී අරවින්ද

covid – 19 දෙවැනි රැල්ල ව්‍යාප්තිය මුල්කරගෙන බස්නාහිරට පනවනු ලැබූ ඇඳිරි නීතිය නිසා රුධිර පරිත්‍යාගශීලින් නොපැමිණීම හේතුවෙන් දැඩි රුධිර හිඟයකට මුහුණදී ඇති බව ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා Colombo Gazette වෙත පැවසිය.

එම මධ්‍යස්ථානයේ රුධිර සංචිතය(RBC) තුළ ඒකක 13,000 ක් පමණ පැවතිය යුතු අතර දැනට එහි ඇත්තේ රුධිර ඒකක 5,500 ක පමණ ප්‍රමාණයකි.
තවද රුධිර පට්ටිඛා(PLATE) ප්‍රමාණය ඒකක 5,500 ක් තිබිය යුතු වුවත් දැනට එහි ඇත්තේ රුධිර පට්ටිඛා 1,500 ක ප්‍රමාණයක් බව වෛද්‍ය එදිරිසිංහ මහතා පවසයි.

සාමාන්‍ය දිනයන් තුළ දෛනික රුධිර අවශ්‍යතාවය ඒකක 1500 ක් වන අතර මේ දිනවල දෛනිකව රුධිර ඒකක 800-900 ත් අතර පවතී.
එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය නිසා රජයේ රෝහල්හි දෛනිකව සිදුකරන සාමාන්‍ය සැත්කම් සීමාවීම නිසාය.
එහෙත් සැලසුම් කරන ලද සැත්කම්,ජාතික පිළිකා රෝහල,ළමා රෝහල වගේම අනෙකුත් රෝහල් සඳහාත් අවශ්‍ය රුධිරය සැපයීම නොකඩවා සිදුකරගෙන යනු ලබන බව ද ඔහු පැවසීය.

රුධිරය පරිත්‍යාගශීලීන්ගේ රුධිරය නොලැබීම නිසා පසුගිය අඟහරුවාදා සිට මෙම රුධිර සංචිතය සීග්‍ර ලෙස පහත වැටීම සිදුව ඇත. ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයට සියයට 80%කට වැඩිම පිරිසක් රුධිරය පරිත්‍යාගය කරනු ලබන්නේ බස්නාහිර පළාතෙන් වන අතර දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුව නිසා රුධිර පරිත්‍යාගයන් ඉතා සීග්‍ර පසුබෑමකට ලක්ව තිබේ.
මේ හේතුව නිසා බස්නාහිර පළාත තුළ පැවැත්වීමට නියමිතව තිබු රුධිරය පරිත්‍යාගය කිරීමේ කඳවුරු 15 ක් අවලංගු කිරීමට සිදු වූ බවයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය
එබැවින් දැනට කොරෝනා රෝගීන් අවම වශයෙන් වාර්තා වන පොළොන්නරුව,හම්බන්තොට ඇතුළු උතුරු හා නැගෙනහිර පළාත්හි රුධිර පරිත්‍යාග කඳවුරු පැවැත්වීමට කටයුතු කර ඇත.
රුධිරය පරිත්‍යාගය කිරීමට පැමිණෙන පරිත්‍යාගශීලින් වහාම තම දායකත්වය ලබා දීමට පැමිණෙන ලෙසත් ඒ සඳහා වෙලාවක් මෙම දුරකථන 0115-332153හෝ 0115-332154 අංකයට ඇමතුමක් ලබා දී වෙලාවක් වෙන්කර ගන්නා ලෙස ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.