නව කොරෝනා වෛරසය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගත නොහැකිව අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන කාලයක් ලබා දී බව නිවේදනය කරයි.
මිට අදාළ අනුමැතිය මුදල් අමාත්‍යාංශය ලබා දී ඇත.
තැපැල්පති රංජිත් ආරියවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට සංචරණ සීමා අවසන් කරන දිනය දක්වා කාලය අතහැර, වරදකල දිනයේ සිට දින ගණනය කර දඩ පත් ගෙවීමට මෙම අතිරේක කාලය ලබාදෙන බවය.