කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු ඒ අතර වන බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.
වෛරසය ආසාදනය වී ඇති බවට ද ඊයේ (05) දිනයේ හඳුනාගෙන ඇති අතර මෙම තත්ත්වය තුළ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර ප්‍රතිකාර සේවා කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා අවධාරණය කරයි