ඉන්දික ශ්‍රී අරවින්ද
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන පළාත්හි වුවද මුඛ ආවරණ නොමැති නම් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව දැනට මුඛ ආවරණ නොමැති 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් 2550 ක් සහ වාහන 382 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.