ලංකාවේ කාන්තාවන් 5දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික ප්‍රචණ්ඩත්වයට

කාන්තා යහපැවැත්ම පිළිබඳ අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවේ, යම් ලිංගික සහකරුවකු සමග ජීවත් වූ සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් සිය ජීවිත කාලය තුළ තම සමීප සහකරු අතින් ශාරීරික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට පත් ව ඇති බව මෙම අධ්‍යයනය සොයා ගෙන ඇත.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යයනය පිණිස විශේෂයෙන් කැපවූ පළමු ජාතික සමීක්‍ෂණය 2019 දී සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදි. කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්‍ෂණය ලෙස හැඳින්වෙන මෙය, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරන ලද අතර ඒ සඳහා වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන් 2,200 කට අධික සංඛ්‍යාවක් සම්මුඛ සාකච්ඡාවන්ට භාජනය කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ, යම් ලිංගික සහකරුවකු සමග ජීවත් වූ සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් (20.4%) සිය ජීවිත කාලය තුළ සමීප සහකරුවකු අතින් ශාරීරික සහ/හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති බව මෙම අධ්‍යයනය අනාවරණය කර ගනී.

හවුල්කරුවකු විසින් සිදුකරන හිංසනය සමග ජීවත් වන විට කාන්තාවන් ඊට මුහුණ දීම සඳහා යොදා ගන්නා උපාය මාර්ග පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වූයේ එසේ කිසියම් හවුල්කරුවෙකුගේ ලිංගික හිංසනය අත්විඳින කාන්තාවන්ගෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් (49.3%) ලැජ්ජාව, අපහසුතාවයට පත්වීම සහ තමාම දෝෂාරෝපණයට ළක්වේ යැයි හෝ තමාව විශ්වාස නොකරතැයි යන බිය නිසා සහ/හෝ හිංසනය සාමාණ්‍ය දෙයක් හෝ එය සහය පැතීමට තරම් බරපතළ කාරණයක් නොවේ යැයි සිතීම ආදී හේතූන් නිසා කිසිඳු විධිමත් සහයක් පතා නැති බවයි.

කාන්තා යහපැවැත්ම පිළිබඳ මෙම අධ්‍යයනය සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ :ඹභත්‍ඡ්* තාක්‍ෂණික සහයෝගය මෙන්ම කැනඩා රජයේ මුල්‍ය සහයෝගය ලැබිණි.

මෙසේ සහකරුවන් විසින් සිදු කරන ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළ හැකි අතර, කොවිඞ් – 19 වසංගතය වැනි අර්බුදකාරී තත්වයන්ගෙන් සමාජ-ආර්ථික වශයෙන් යථා තත්වයට පත්වීම සඳහා දරණ ප්‍රයත්නයන් සමග ද එය අන්තර් සම්බන්ධතාවයක් දක්වයි.

එබැවින් මෙම අධ්‍යයනයේ අනෙකුත් සවිස්තරාත්මක අනාවරණයන් තවදුරටත් හුවමාරු කර ගැනීමේදී, අප විසින් කිසිවෙකු මග නොහැර ඇති බව සහතික කිරීම මෙන්ම වඩා හොඳ දැණුවත් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම අරමුණු කරගනිමින්, ඉදිරි මාස කිහිපය තුළ රජයේ ප්‍රධාන පාර්ශවකරුවන් සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග උපදේශක වැඩමු`ථ මාලාවක් පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.