ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීම මගීන් මෙම වෛරසය පාලනය කිරීමට හැකිබව හමුදාපතිවරයා සඳහන් කරයි
දැනට පවතින තත්ත්වය මත ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තුවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය
රට ඉදිරියට රැගෙන යාමට සහ ආර්ථිකය නගා සිටුවිම අත්‍යාවශ්‍ය බවත් දෛනික වැටුපක් මත ජිවත්වන ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවට යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .