රට වහන්න සුදානමක් නැති බව ජනපති අවධාරණය කරයි

වෛරසය නිසා රට වසා දැමීමට තමා සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීම මගීන් මෙම වෛරසය පාලනය කිරීමට හැකිබව ජනාධිපති පෙන්වා දෙයි.බලධාරීන් විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිය දෛනික කටයුතු කරගෙන යාමට සෑම කෙනෙකුම සූදානම් විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් මහජනතාව හික්මවිය නොහැකි බව ජනාධිපතිතුමා පැවසීය. ජනතාවගේ ජීවිත, රටේ ආර්ථිකය සහ අනෙකුත් සියලු අංශ මනසේ තබා ගනිමින් තීරණ සමබර දෘෂ්ටියකින් ගත යුතු බව ජනාධිපති රාජපක්ෂ මහතා පැවසීය. වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවසන් විසඳුමක් ලැබෙන තෙක් රට වසා දැමිය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දැනට පවතින තත්ත්වය මත ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තු වේ. ඊයේ සිදුකල විමසීමටද පිළිතුරු දෙමින් ලබන සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බවත් රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරිමට පියවර ගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය. එමෙන්ම නිරෝධායන ක්‍රියාවලියට යොමු කරවන පුද්ගලයින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම බවද මෙහිදී හමුදාපතිවරයා පෙන්වා දුන්නේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.