ධීවර ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වහාම මැදිහත් වන්නැයි ඉල්ලයි

ධීවර ජනතාවගේ දෛනික ජීවිතය රැක ගැනීමට වහාම මැදිහත්වන ලෙස ධීවර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැකගැනීම සදහා වන ජනතාවගේ ක්‍රියාකාරී සංවිධාන එකතුව ඉල්ලයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පෑලියගොඩ, මධ්‍යම මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව ප්‍රධාන කෝවිඞ් 19 ආසාදිතයන්ගේ පොකුරක් හඳුනාගැනීමත් සමඟ, රටෙහි විවිධ ප්‍රදේශවල ධීවර ප්‍රජාව ආශ්‍රිත රෝග වාර්තා වීම හමුවේ මත්ස්‍යයින් හරහා වෛරසය ව්‍යාප්තවනවා යන මතය සමාජගත වී ඇති අතර ජනතාව මත්ස්‍ය පරිභෝජනයෙන් ඇත් වී ඇති බවින් ගැටලු ගණනාවකට ධීවර කර්මාන්තයේ යෙදී සිටින සමස්ත ජනතාව මුහුණ දෙමින් සිටින බවය.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සදහන් වේ.

විද්‍යානුකුල පදනමකින තොරව විවිධ අදහස් සමාජගත වෙමින් පවතින අතර මෙම කරුණු ධීවර කර්මාන්තයට හා එයට අදාළ අනෙකුත් කර්මාන්ත හා ක්‍රියාදාමයන් බිඳ දැමීමට හේතු වී ඇත. එය සමස්තයක් වශයෙන් රටේම ආර්ථිකයට බලපා ඇති අතර ධීවර ප්‍රජාව බරපතල ලෙස ආර්ථිකයේ පතුලටම ඇද දමා ඇත. මෙම තත්වය හමුවේ රජය හා අදාළ බලධාරින් ජනතාවට සත්‍ය කරුණු විද්‍යාත්මක කරුණු මත පදනම් වෙමින් ඉදිරිපත් කළ යුතුව ඇත. එය හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ක්‍රියා කළ යුතු අතර රජයේ හා වගකිව යුතු බලධාරීන්ගේ අවධානය සඳහා පහත සඳහන් යෝජනා කිහිපය ඉදිරිපත් කරන්නෙමු.
01. ධීවර ජනතාව යනු දෛනික මත්ස්‍ය වෙළෙදාමෙන් ජිවිතය ගෙන යන පිරිසක මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට ලක් වී ඇත. වහාම ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා රජයේ සහන වැඩපිලිවෙලක් ආරම්භ කල යුතුය.
02. නාරා ආයතනය මූලිකත්වයෙන් විද්‍යානුකුලව ප්‍රවේශයක් තුළ මත්ස්‍යයන් මඟින් වෛරසය ව්‍යාප්ත වන්නේද නැද්ද යන්න පිළිබඳ සනාථ කළ යුතුය.
03. එම සත්‍ය තොරතුරු පදනම්ව, ධීවර අමාත්‍යංශය, සෞඛ්‍යය අමාත්‍යාංශය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් , වෛද්‍ය පර්යේෂණ ආයතනය, වෛද්‍ය නිලධාරීනගේ සංගම් මාධ්‍ය මඟින් ප්‍රකාශන නිකුත් කළ යුතුය.
04. රජය මැදිහත්ව අලෙවිකර ගත නොහැකි මත්ස්‍ය තොග සාධාරණ මිලකට මිලදී ගැනීම හා ගබඩා කිරීම සඳහා ආරම්භ කොට ඇති වැඩපිළිවෙල ප්‍රමාණවත් පරිදි සිදුනොවන අතර එදිනෙදා ජීවිතය ගෙන යන ධීවර ප්‍රජාවට තමන්ගේ මත්ස්‍ය නිෂ්පාදනයන්ට අදාළ මුදල් එදිනෙදාම ලබාදීමට අවශ්‍ය පියවර ගත අතර අවශ්‍යය අනෙක ුත් පහසුකම්ද සලසා දීමට වහාම පියවර ගත යුතුය. විශේෂයෙනම ඇඳිරි නීති බලපවත්වන ප්‍රදේශවල ධීවරයන්ට තම
කර්මාන්තයේ නිරතවීමටත් තම මත්ස්‍ය නිෂ්පාදන අලෙවිකර ගැනීමට පහසුකම් සැපයිය යුතුය.
05. සුළුපන්න ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන්ගේ ජීවිකාව හා කර්මාන්තයට අදාළව වසංගතයට පෙර සිටම විවිධ බලපෑම්, තර්ජන, නොසලකා හැරීම් තිබු අතර රටේ නිෂ්පාදනයට දායකත්වයක් ලබා දෙන තීරණාත්මක කණ්ඩායමක් ලෙස සලකා ඔවුන්ගේ කර්මාන්තය රැක ගත හැකි වන පරිදි රාජ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතුය.
06. කෝවීඞ් 19 මඟින් ඇති කරමින් තිබෙන පීඩනය අවසන් වන කාලයක් කිසිවෙකුටත් තවමත් ප්‍රකාශ කළ නොහැකි නිසා, අනාගතයට ම ුහුණ දීමට හැකි වන හා ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්ම තහවුරු කළ හැකි වැඩපිළ ිවෙලක් සකස් කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට අප සුදානම් බව දන්වමු.
07 මෙම ක්‍රියාවලියේද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ,මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව අප පෙන්වාදිය යුතු නැති වුවත් පවතින වාතාවරණය තුළ මෙය යළිත් අපි අවධාරණය කර සිටිමු.
2020 නොවැම්බර් මස 05 වන දින මෙම ප්‍රකාශයට ආයතන වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන හා පුද්ගලයින් ද අත්සන් තබා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.