24 වන කොරෝනා මරණය වාර්තා වේ

මිට සුළු වේලාවකට පෙර මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා විය.කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වයසැති කාන්තාවක් ඊයේ සිය නිවස තුලදීම මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 වයසැති ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන ඇත.

මෙම කාන්තාව මසකට ආසන්න කාලයක් සිය නිවසේම රෝගී තත්ත්වයෙන් පසුව තිබෙන අතර නිධන්ගත රෝගයන්ගෙන් පෙලුනු බවට ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇති අතර මෙම රෝගියා මියයාමට හේතුව කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.

මිට අමතරව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි තවත් 78 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදී ඇද වැටීමකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් පසුගිය 02 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගියේය. සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම රෝගියා කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.