PCR පරීක්ෂණ වලට රජයේ වෛද්‍ය සංගමයෙන්චෝදනාවක්

සමස්ථ රටම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ සඳහා සමාජ නියැදි ලබාගැනීම සිදුකළ යුතු බවත් PCR පරීක්ෂණ ධාරිතාව වැඩිකර ඒ සඳහා ඇති විකල්පයන් ද හඳුනාගැනීමට අවශ්‍ය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ දැනටත් PCR යම් ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් ඇතැම් ප්‍රදේශවලින් ඔවුන්ට චෝදනා ලැබී ඇති බවත්ය. ඒ අනුව PCR පරීක්ෂණවල ප්‍රතිඵල දින 4ක 5ක ප්‍රමාදයක් ඇති බවද PCR පරීක්ෂණවල ප්‍රතිඵල පැය 24ක් තුළ ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

“ප්‍රතිචාර හරියට දක්වන්න නම් ප්‍රතිඵල ඉක්මනට එන්න ඕනේ. පැය 48ක් ඇතුළත ලැබෙන PCR ප්‍රතිඵල ප්‍රමාදවී ලැබෙන ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා. පැය 48ටත් වඩා ප්‍රමාද වී ලැබෙන PCR ප්‍රතිඵල නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි PCR ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.