ට්‍රම්ප් සහ ජෝ බයිඩන්ගේ මැතිවරණ යුධ අරගලය

මේ වනවිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් සිටීන අතර ඔහු පවසන්නේ, “අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි” යනුවෙනි.

හරි පැහැදිලියි අපි ප්‍රධාන ප්‍රාන්ත ජයගන්නා බව. ට්‍රම්ප් තමාට සහාය දුන් අමෙරිකානු ජනතාවට සිය කෘතවේදය හිමිවන බව ද පැවසීය. මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් කොට්ඨාස 238ක් ජයලබා ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකර ගෙන ඇති කොට්ඨාස ගණන 213කි.

එසේම මෙහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ ජන්ද ගණන් කිරීම නැවැත්වීම සඳහා තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවය. “විශාල වංචාවක් වෙනවා,” යනුවෙන් ඔහු පැවසූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් අමතමින් සඳහන් කර තිබුණේ “අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.