STF කඳවුරු 3ක් හුදෙකලා කෙරේ. පොලිසියෙනුත් නව ආසාදිතයින්

අශන්ති වරුනසුරිය

බොරැල්ල පොලිසියේ නිලධාරින් 41 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ වන විට එම බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් 59 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇත.

එමෙන්ම කොවිඩ් වෛරසය ආසාදනය වූ නිලධාරීන් වාර්තා වීම හේතුවෙන් කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරු හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 56 දෙනෙක්ටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

මට්ටක්කුලිය මුවදොර උයන නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 14 දෙනෙකුටද වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකුට ද පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයට සහභාගී වූ තවත් මාධ්‍යවේදියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද තහවුරු කරයි. මේ වන විට පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් 04 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 409 දෙනා අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 146ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 122ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47ක් සහ කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 12 දෙනා බැගින් ද මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 07ක්, නුවරඑළිය 02, හම්බන්තොට 05, මොණරාගල 01, බදුල්ල 6, මාතලේ 2, මහනුවර 05, අම්පාර සහ මඩකලපුව 01 , පුත්තලම 03ක් ද පොලිස් දෙපාර්තමේන්තුවේ 10 දෙනෙක් සහ නිරෝධායන මධ්‍යස්ථාන තුල 08 ක් ලෙස ආසාදිතයින් වාර්තා විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.