ඉන්දික ශ්‍රී අරවින්ද
මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය (02) මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර ඇති බව වාර්තා වේ.
ඒ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය ඇතළු කාර්යය මණ්ඩලය කල සේවය ඇගයීමකට ලක් කිරීම සඳහාය.
covid -19 වෛරසය ව්‍යාප්තිය හමුවේ මුළු බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පනවමින් සංචරණය සීමා කර ඇති පසුබිමක මෙවැනි රැස්වීමක් සංවිධානය කිරීම නිරෝධායන පනතින් ආවරණය කර ඇත්ද? යන්න පිළිබඳව යළි සොයා බැලිය යුතුය.
මෙම අවස්ථාවට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කුමාරි ජයසූරිය මහත්මිය,මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම්,සහකාර ප්‍රාදේශිය ලේකම් පාලාත් පාලන නියෝජිතයන්, ග්‍රාම නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත.