කොරෝනා වැඩිම ගම්පහින්

අශන්ති වරුනසුරිය

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් 275 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් හඳුනා ගැනීමෙන් පසු එම දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 90කි. ඉන් ආසාදිතයින් 34 ක්ම හඳුනාගෙන ඇත්තේ මහර සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂක කොට්ඨාශයෙනි.

දෙවන වැඩිම නව්‍ය කොරෝනා ආසාදිතයින් පිරිස කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ද කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 22 දෙදෙනෙක්, ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 10 දෙනෙක් සහ රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙන්ම කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 04 දෙනෙකු බැගින් ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා. තී‍්‍රකුණාමලය හා කළුතර යන දිස්ති‍්‍රක්කවලින් ද ඊයේ දිනයේදී එක් ආසාදිතයෙකු බැගින් හඳුනා ගෙන ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පොලිස් නිලධාරීන් 39 දෙනෙකු ද ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇති අතර ඉන් නිලධාරීන් 23 දෙනෙකුම පොලිස් විශේෂ කාර්යය බලකායේ රාජගිරිය කඳවුරට අනියුක්ත නිලධාරීන්ය. කඳාන ආනියාකන්ද ආයුර්වේද රෝහලේ සුලූ‍ සේවිකාවකට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර නව්‍ය කොරෝන වෛරසය ද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් 1828 දෙනෙකු මේවනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එලෙස සුවය ලැබූ පිරිස 506 කි. මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7856කි.

කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවය කොට සිය නිවස වෙත පැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි කිලිනොච්චිය පුද්ගලයෙකු ගේ සිදුකළ පි.සි.ආර්.පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වි ඇත. අදාළ පුද්ගලයා පසුගිය 28 වැනිදා කොළඹ සිට කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ සිය නිවස වෙත පැමිණ ඇති අතර, එහිදි ස්වයං නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇත.

අසාදිත පුද්ගලයා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය මරදනාමඩම පිහිටි කොව්ඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇති බවද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ නියැලෙන පාර්ශව රැුසක් දැඞී අසීරුතාවන්ට ලක්ව සිටියි. මේ හේතුවෙන් භාරගත් ඉදිකිරීම් කොන්ත‍්‍රාත් රැසක් මේ වන ඇනහිට ඇති බවයි ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ නියැලෙන පාර්ශ්ව පවසයි.

මෙරට තුළ දෛනිකව PCR පරීක්ෂණ 15,000 ක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. PCR පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ප‍්‍රමාදය කඩිනමින් නිවැරදි කරගත යුතු බවයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.