ඉන්දික ශ්‍රී අරවින්ද
කොළඹ ජම්පටා වීදියේ නිවසකදී පසුගිය(01) වන මියගිය 68 හැවිරිදි කාන්තාව covid – 19 වෛරසය හේතුව නිසා මියගිය බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මියගිය කාන්තාවගේ සිදුකරනු ලැබූ PCR පරීක්ෂණයකින් අනතුරුව ඇය covid වැළඳී මියගිය බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.
මෙම මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු මෙයට පෙර covid – 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇති අතර පවුලේ අනෙකුත් සාමාජිකයින්ද එම නිවෙස තුළදීම නිරෝධානයට ලක්කර තිබුණි. එම කාන්තාව මියයාමට ආසන්නතම හේතුව covid නියුමෝනියා තත්වය බවට තහවුරු කරගෙන ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ 22වැනි covid මරණය ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර සෘජු කෝවිඞ් ආශ්රිත මරණ සහ වක්‍ර කෝවිඞ් ආශ්රිත මරණ ලෙස එම මරණ වෙන්කර දැක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
රෝහලක කොවිඞ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන කොරෝනා වයිරස් රෝගීන් සෘජුවම කෝවිඞ් ආශ්රිත මරණ ලෙස ගණන් ගැනෙන බවත් සියදිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරික්ෂණ පවත්වද්දී සිදුකෙරෙන PCR පරික්ෂණවල දී කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවන ඒවා වක්‍රව කෝවිඞ් ආශ්‍රීත මරණ සේ සැළකෙන බවත් හෙතෙම සඳහන් කළේය.
අද(03) දින ශ්‍රී ලංකාවේ වාර්තා වූ 22 වන කෝවිඞ් සම්බන්ධ මරණය සම්බන්ධයෙන් සුදත් සමරවීර මහතාගෙන් කළ විමසීමක දී ඔහු මේ බව හෙළි කළේය.