ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශය සේවා කටයුතු සිදුකරගෙන යාම සඳහා අවසරය ලබාදී ඇති රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථාවන් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මුලස්ථානය විසින් නිකුත් කර තිබේ
ඒ අනුව මෙලෙස සේවා පවත්වාගෙන යාමට අවසරය හිමිවී ඇති මුළු ආයතන සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ දමා ඇති බවයි පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි