ලංකාව කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බවත කොරෝනා මර්ධනයේ දී කිසිදු අවස්ථාවක එය දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.
සමාජ මාධ්‍යවල පළව තිබෙන ඇතැම් සටහන් සමබන්ධයෙන් අදහස් දක්වමින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ පසුගියදා තමන් සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැම් අය එය උපහාසයට ගෙන තිබෙන බවය.
“මුහුණුපොතේ දාලා තියෙනවා පවිත්‍රා වන්නිආරච්චි ලංකාවේ කොවිඩ් මර්ධනය වෙන්න ඔයා මුහුදට බිලිවෙන්න කියලා. ඇත්තටම එහෙම වෙනවානම් මම ඒකට ලෑස්ති” සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී පැවසීය