පානදුරට පැමිණි තල්මසුන් සිව්දෙනෙකු මිය යයි – Update
ඉන්දික ශ්රී අරවින්ද
පානදුර වෙරළට ඊයේ (02) පැමිණි තල්මසුන් රංචුවෙන් සිව් දෙනෙකු මිය ගොස් ඇත.
මියගිය තල්මසුන්ගේ මරණ පරීක්ෂණය අද(03) දිනයේදී සිදු කිරීමට පියවර ගෙන තිබුණි. තල්මසුන් 100 කට අධික ප්රමාණයක් පානදුර වෙරළට ඊයේ 02 මෙලෙස ගොඩ ගසා තිබිණි.
පානදුරට පැමිණි තල්මසුන් තිදෙනෙකු මිය යයි 07:41
ඉන්දික ශ්රී අරවින්ද
පානදුර වෙරළට ඊයේ (02) පැමිණි තල්මසුන් රංචුවෙන් තිදෙනෙකු මිය ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම.ජි.සී සුරියබණ්ඩාර මහතා Colombo Gazette වෙත ප්රකාශ කළේ පානදුර වෙරළට පැමිණි තල්මසුන් රංචුව ගැඹුරු මුහුදට දැමීමට ඊයේ රාත්රී වනවිට කටයුතු කරනු ලැබුවත් එයින් තිදෙනෙකු පමණක් මෙලෙස මියගොස් වෙරළ තීරයට ගොඩගසා ඇති බවයි.
මියගිය තල්මසුන්ගේ මරණ පරීක්ෂණය අද(03) දිනයේදී සිදු කිරීමට පියවර ගෙන තිබුණි. තල්මසුන් 100 කට අධික ප්රමාණයක් පානදුර වෙරළට පැමිණ තිබෙන්නේ මුහුදේ දියවැලකට හසුවීම නිසා බවට අනුමාන කරන බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එම.ජි.සී සුරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය.