කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු විදෙස් රටවලදී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ මිලාන් නගරයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු හා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් පසු මොවුන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇති අතර, එහිදී ඇති වූ සංකූලතාවයන් මත මොවුන් මියගොස් තිබේ.
පසුගිය සති අන්තයේදී මොවුන් තිදෙනා ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඉතාලියේදී මියගිය ශ්‍රී ලාංකිකයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි