පානදුර මුහුදු වෙරළට තල්මසුන් 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් අද පස්වරුවේ සිට මෙලෙස මුහුදු වෙරළට ගොඩ ගසා ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදීත් ඇතැම් ප්‍රදේශවාසින් විසින් මෙම තල්මසුන් මත්ස්‍යයින් යළි මුහුදට යොමු කිරීම සඳහා විශාල උත්සහයක් දරා ඇති බවත් පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකායේ ද සහය ඇතිව මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවත් සදහන් වේ.