තවත් වෛද්‍යවරයෙකුට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයටත් ඇතුළුවූ කොවිඩ්

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය. ඔහු පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ වෛද්‍යවරයා සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. එම පුද්ගලයා ආසාදිතයෙක් බව ඊයේ (01) හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඔහු ශ්‍රී ලංකා රජය මගින් පවත්වා ගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.