විදෙස්ගතව සිටින පුද්ගලයෙකුට අයත් ඉඩමක් දේශපාලන සබඳතා ඇතැයි පැවසෙන කණ්ඩායමක් විසින් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ කළ අනාවරණය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
මේ පිළිබදව පසුගියදා බෙහෙවින්ම කතා බහට ලක්වූ අතර එහිදී නාමල් රාජපක්ෂ මහතාද පවසා තිබුණේ මෙවන් අදහසකි.
දක්වා මා සහ අපගේ පවුලේ සාමාජිකයන් නම් සදහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වනවා දුටුවා. මෙවැනි සාපරාධී ක්‍රියාවන් කිසිසේත් සැහැල්ලුවට නොගන්නා අතර මේ පිළිබදව අදාළ බලධාරීන් දැනටමත් සොයා බලමින් සිටිනවා. මා හෝ අපගේ පවුලේ කිසිවෙකු මේ සඳහා සම්බන්ධ වී හෝ අනුබල දී නොමැති බවට මට සහතික විය හැකිය.