ඉන්දික ශ්‍රී අරවින්ද
කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම අරමුණු කරගෙන රාජකීය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ සතරක් ගංගාවන් වෙත මුදා හැරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඒලියන්ත වයිට් මහතා විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගඟටද, සංචාරක අමාත්‍ය ප්‍රසාන්න රණතුංග මහතා විසින් එක් පැන් කළයක් ගම්පහ ප්‍රදේශයෙන් කැලණි ගඟටද, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක් පැන් කළයක් රත්නපුරේදී කළු ගඟටද, උදය ගම්මන්පිල මහතා විසින් එක් පැන් කළයක් කොළඹදී කැළණී ගඟටද, මුදා හැරීමට පියවර ගෙන ඇත.
මෙම පැන් කළ ගංගාවන් වෙත මුදාහැරීමෙන් රජය බලාපොරොත්තුව වන්නේ කොරෝනා වසංගතය මෙරටින් තුරන්වෙනු ඇතැයි දැඩි විස්වාශය පෙරදැරිවයි.