කොවිඩ් නයින්ටීන් ආසාදිත පොලිස් නිලධාරින් සංඛ්‍යාව 125 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්,
“ශ්‍රී ලංකාව පොලීසියේ පොලිස් නිලධාරීන් සමූහයකට කොවිඩ් ආසාදිත තත්ත්වයක් ඇති වුණා. ඒ තත්ත්වය මත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 125ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ වර්ධනය වුණේ දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පොලිස් නිලධාරීන් අතරින්. එහෙම නැතුව පොලිස් ස්ථානවල රාජකාරී කරන අය නෙමෙයි. අපි මුලින්ම කොවිඩ් ආසාදිත බිහිවුණාට පස්සේ, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරා. විශේෂයෙන්ම කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට සහ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලයට. එම මධ්‍යස්ථානවලින් තමයි මෙම ආසාදිතයින් වැඩිදුරටත් බිහි වී තිබෙන්නේ පීසීආර් පරීක්ෂණවලින් පසුව. ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙමින් පවතිනවා. ඒ වගේම 400කට අධික පිරිසක් ඍජු නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබෙනවා. තවත් 2000කට අධික පිරිසක් බැරැක්ක තුළම රඳවා තිබෙනවා.“