21වන කොවිඩ් මරණය

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය සිදු වී තිබේ. 40 හැවිරිදි වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි අයෙකි. ඔහු කඩවත, මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සෞඛ්‍ය අංශ පැවසුවේ අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 23 වැනිදා රෝහල්ගත වී ඇත.

පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැති අතර ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.