ගම්පහට 5000 දීමනාව අඟහරුවාදා සිට

ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවන අදියර ලබන අගහරුවාදා (03)සිට ආරම්භ කිරීමට නියමිතයි.

මෙම දීමනාව සතියක් තුළ ලබා දී අවසන් කරන ලෙසට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත. දෙවන අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාව ලැබෙන පවුල් සංඛ්‍යාව 4,64,254කි .ඒ සදහා රජය වෙන් කරන මුදල රුපියල් 2,321,270,000කි.

ඉන් රුපියල් මිලියන 416ක් මේ වන විටත් මුදල් අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී තිබේ. ඉතිරි මුදල මේ මස 10 වෙනිදාට පෙර අදියර කීපයක් යටතේ ලබා දීමට සැලසුම් කර ඇතැයි රණතුංග මහතා පවසන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මුලින්ම ඇදිරි නීතිය පැනවු පොලිස් බල ප්‍රදේශ 03ක පවුල් 80000ක් සදහා මේ වන විටත් රුපියල් 5000 දීමනාව ගෙවීම අවසන් කර ඇති අතර මිනුවන්ගොඩ , දිවුලපිටිය හා වේයන්ගොඩ ඒ පොලිස් බල ප්‍රදේශයි වෙයි.

ඒ සදහා රජය වැය කල මුදල රුපියල් මිලියන 400කි.ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසන්නේ මෙම 5000 දීමනාව අගහරුවදා සිට ගෙවීමට අදාල උපදෙස් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි. ඒ අනුව අත්තනගල්ල, මීරිගම හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල අදාල දීමනාව මෙතෙක් නොලැඹුනු පවුල් වෙත අදාල දීමනාව ලබා දීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.