නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 137 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 99 දෙනා ආශ්‍රීතයින් වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,561කි. මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7083කි.
පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් මාළු අලෙවි කරන වෙළෙඳුන් සිව්දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනයට ලක්ව ඇති බව වාර්තා වේ.
ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගත් අය වේ. මේ හේතුවෙන් එම මාළු වෙළෙන්ඳුන්ගෙන් මාළු මිලදී ගත් පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස දැනුම් දී තිබේ.
මේ අතර කොට්ටාව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවකයින් දෙදෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇත. සිදුකරන ලද අහඹු පී.සී. ආර් පරීක්ෂණවලදී ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම විශේෂත්වයකි. මේ අතර, යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 39 ක් අතරින් කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කිතුල්ගල,ඉංගිරියාවත්ත,සීපොත්,ගල්පාත,රන්පමුණුගම හා වැලිහෙලතැන්න යන ප්‍රදේශවල පදිංචි ඔවුන්ව ඊයේ (31) රාත්‍රියේම උඳුගොඩ රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. මෙම ආසාදිතයින් 7 දෙනාගෙන් හයදෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර අනෙක් පුද්ගලයා කොළඹ වරාය නැව් තටාකාංගනයේ සේවකයෙකි