නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කොට තිබෙන PCR යන්ත්‍රයේ ඇතිව තිබු තාක්ෂණික දෝෂය පැය 10කට පසුව අනාවරණය කර ගැනීමට හැකිවූ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
ඔවුන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ මෙම යන්ත්‍රය අකර්මන්‍ය වීම හේතුවෙන් මෙරට PCR පරීක්ෂණ ප්‍රථිපල ලබාදීමේ ප්‍රමාදයක් ඇති වූ අතර ඒ අනුව චීනයේ සිට තාක්ෂණික කණ්ඩායමක් රාජතාන්ත්‍රික ඉල්ලීමක් අනුව මෙරටට පැමිණ එම යන්ත්‍රය සැකසීමේ කටයුතු ආරම්භ කරනු ලැබූ බවය.
යන්ත්‍රය තබා ඇති මේසයේ සමබරතාව නොමැති හෙයින් සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මෙය අක්‍රිය වී ඇති බවත් යන්ත්‍රය යලි සැකසීමෙන් අනතුරුව එහි නිවැරදි භාවය සහතික කිරීම වස් සත්‍යාපන වට කිහිපයක් සිදුකිරිමට නියමිතය.
එමෙන්ම මෙම යන්ත්‍රය ලබන සඳුදා සිට නැවත පරීක්ෂණ සඳහා යොදා ගත හැකි බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි