ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් කර ඇති කී සෙන් හොන්ග් ඊයේ සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.231 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .ඔහු පිළිගැනීමට සහ රැගෙන යෑමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඔහු නීරෝධායන සහතිකය රැගෙන පැමිණ තිබූ අතර , තානාපති කාර්යාලය තුළ තවදුරටත් ස්වයං නීරෝධායනයේ නිරත වීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.