ඉන්දියාවේ දැවැන්ත විරෝධයක් ගොඩනැගුණද තම ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්රපටය එලෙසම සිදු වන බව ශ්රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්රිකට් ක්රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතා පවසයි.
BBC නාළිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී තමන් ක්රිකට් ක්රීඩාවේ දී පමණක් නොව ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අභියෝගයන්ට මුහුණ දී තිබෙන බවත් එකී බාධක ජය ගැනීමට හැකිවූ බවත් මෙය තමන් මුහුණ දෙන තවත් එක් අභියෝගයක් බව ඔහු පවසා ඇත.
48 හැවිරිදි මුරලිගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්රපටයේ තම චරිතය රඟ දක්වන දකුණු ඉන්දියානු සුපිරි නළුවෙකු වන විජේයි සේතුපතිට එල්ල වන විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් මුරලිදරන් මහතා ප්රකාශ කර ඇත්තේ, මෙය තමාගේ අරගලයක් මිස විජේයි සේතුපතිගේ අරගලයක් නොවන බැවින් මෙම අරගලයට තමා මුහුණ දෙන බවය.
මෙම චිත්රපටය රූ ගත කිරීම් සිදු වන බවත් එය තමිල්නාඩු නුවරට සීමා නොවන බවත් දෙමළ, සිංහල, හින්දු, බෙංගාලි, තෙලඟු, මලයාලම් යන සියලුම භාෂාවලින් එම චිත්රපටය ඉංග්රීසි උපසිරැසි සමග නිෂ්පාදනය වන බව ද මුරලිදරන් මහතා මෙම සාකච්ඡාවට එක්වෙමින් පවසා තිබේ.